25 December 2012

වැදගත් විශය....14 ( Sex Education in Sinhala )








අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.




ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම දේකදිම වගේ මේකෙදිත් ආගමික මැදිහත් වීම සිද්ධ වෙනවා.ඇමරිකාවේ මුලින් කොන්ඩම් තහනම් කරන්ඩ යෙදුනත් පස්සේ මේකේ වැදගත්කම අවබෝධ වීමත් එක්ක ඒ නීති ලිහිල් වෙනවා.දැන් බහුලව තියෙන්නේ ලේටෙක්ස් කියන රබර් වර්ගයෙන් හදපු කොන්ඩම්.නමුත් සමහර අය මේ ලේටෙක්ස්වලට අසාත්මික නිසා පොලියුරිතේන් වගේ වෙනත් රසායනික සංයෝගවලින් හදපු කොන්ඩමුත් වෙළඳ පොලේ මිළ දී ගන්ඩ තියෙනවා.



කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා.නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.

කොන්ඩමයක් නිසි විදිහට පළඳින්නේ මෙහෙමයි.මේ කොන්ඩමය එන්නේ ඉහළ රූපයේ තියෙනවා වගේ ආවරණයක.කොන්ඩමය ඉවතට ගන්න කියලා මේ ආවරණය කටින් ඉරන්ඩ හෝ කතුරකින් කපන්ඩ යන්ඩ එපා.මොකද කොන්ඩමයේ පුංචි හරි සිදුරක් ඇති උනොත් ඒකෙන් ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නෑනේ.ඒ වගේමයි මේ කොන්ඩම හැමතිස්සෙම ළඟ තියා ගන්න එක හොඳයි. (මොකද හදිස්සියක් උනොත් එහෙම මේවා හොය හොය ඉන්ඩ මහන්සි නොවී වැඩේ කරලා පස්සේ පසු තැවෙන්ඩයි වෙන්නේ ) ඒ උනාට මේවා සාක්කුවේ කාසි යතුරු වගේ දේවල් එක්කවත් පර්ස් එකේවත් දාගෙන යන්ඩ හොඳ නෑ.මොකද ඒකෙනුත් කොන්ඩමය පළුදු වෙන්ඩ පුළුවං නිසා.

කොන්ඩමය ආවරණයෙන් එළියට ගන්නේ අතින් ඉරලා.ඔය දැති තියෙන පැත්තෙන් අල්ලලා ඉරුවාම පහසුවෙන් ආවරණය ඉරෙනවා.


ඊට පස්සේ එළියට ගත්තු කොන්ඩමය තියෙන්නේ මේ රූපයේ වගේ.හරියට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිත් හදිස්සියට ගලවපු මේස් එකක් වගේ රෝල් කරලයි තියෙන්නේ.






දැං කරන්ඩ ඕනේ මේ මැද තියෙන ඉහළට ඉස්සුනු තැන වම් අතේ දබර ඇඟිල්ලෙනුයි මහපට ඇඟිල්ලෙනුයි මිරිකලා අල්ලගන්න එක.එතකොට ඒ කෑල්ලේ තියෙන වාතය ටික ඉවත් වෙලා යනවා.ඊට පස්සේ මේක ශිෂ්ණයේ ඉහළ කෙළවරෙන් තියලා අර රෝල් කරලා තියෙන එක දිග ඇරෙන පැත්තට ශිෂ්ණය ආවරණය වෙන විදිහට දිග අරින එකයි කරන්ඩ ඕනෙ.


හොඳට මතක තියාගන්ඩ කොන්ඩමය කෙළවරේ තියෙන පුංචි ඉඩ තියෙන්නේ ශුක්‍ර තරලය එකතු වෙන්ඩ.ඒ ඉඩේ වාතය ඉතුරු උනොත් සංසර්ගයේදී පුපුරලා යන්ඩ පුළුවං.ඒ නිසා හොඳට වාතය ඉවත් වෙන විදිහට තද කරලා කොන්ඩමය පළඳින්න ඕනේ.අනිත් එක තමයි ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැතිවෙලා යනවනේ.එතකොට කොන්ඩමය ශිෂ්ණයෙන් ගැලවිලා ශුක්‍ර තරලය යෝනි මාර්ගය අවට තැවරෙන්ඩ පුළුවං.එතකොටත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනවා.ඒක හින්දා ශුක්‍ර තරලය පිට උනාට පස්සේ ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙද්දිම යෝනි මාර්ගයෙන් පිටතට ගන්ඩ ඕනේ.

ඒ වගේම මේක ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් විදිහට පළඳිනවානං කොන්ඩමය ගලවද්දි කඩදාසියකින් හෝ ටිෂූ කොළයකින් අල්ලලා කොන්ඩමයේ තැවරී ඇති යෝනි ස්‍රාවයන් අතේ නොගෑවෙන විදිහට පරිස්සමෙන් ගලවලා ඉවත් කරන්ඩ ඕනේ.මොකද මේ යෝනි ස්‍රාවයන් හරහානේ රෝගයන් පැතිරෙන්නේ.පුරුෂයින්ගේ නම් ශුක්‍ර තරලය හරහා තමයි රෝගයන් පැතිරෙන්නේ.ඉතින් මුඛ සංසර්ගයේදී ශුක්‍ර තරලය හෝ සියුම් තුවාලවලින් පිටවන රුධිරය තැවරීමෙන් මුඛය හරහා රෝග බෝවීමේ අවධානමක් තියෙනවා.ඒ නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්තව කොන්ඩම් හදලා තියෙන්නේ.ඒ නිසා මතක තියාගන්ඩ අනාරක්ෂිත ඒ කියන්නේ තමුන්ට හරියටම විශ්වාස නැති කෙනෙක් එක්ක ලිංගිකව එක් වෙද්දී කොන්ඩමයක් හැම විටම පළඳින්න හෝ පළඳවන්න.

ගුද සංසර්ගයේ දී සාමාන්‍ය යෝනි සංසර්ගයකට වඩා තද බවක් තිබීමත් ගුදය සංසර්ගයකට හැඩ ගැසී නොතිබීමත් නිසා කුඩා තුවාල ඇතිවීමේ අවස්ථාව වැඩියි.ගුද රමණයකින් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග වැළඳීමේ අවධානම යෝනික සංසර්ගයක මෙන් පනස් ගුණයක් කියලයි කියන්නේ.සාමාන්‍ය කොන්ඩමයන් ගුද රමණයට සුදුසු වෙන්නේ නෑ.ඒවා පහසුවෙන් ඉරී යන්ඩ පුළුවං.ඒ නිසා ඒ වෙනුවෙන් නිපද වූ ඝණකම් කොන්ඩමත් මිලදී ගන්ඩ තියෙනවා.

කොන්ඩම පළදීන්නැතුව ඉන්ඩ කට්ටිය කියන නිදහසට කාරණයක් නේ සංවේදී භාවය අඩුවෙනවා කියන එක.හරියට ඇඳුං ඇඳං නානවා වගේ කියලනේ කියන්නේ.මේක ඇත්තටම මානසික කාරණයක්. සංවේදීභාවය සුළු වශයෙන් අඩු වෙන්ඩ පුළුවං.ඒ උනත් අවධානමක් ගන්නවට වඩා ඒක හොඳයිනේ නේද?.ඉතිං මේ සංවේදීභාවය අඩු වෙනවා කියන අයට තුනී බවෙන් වැඩි කොන්ඩමත් නිපදවලා තියෙනවා.ඒ වගේම කොන්ඩමය මතුපිට ගැටිති සහ රැළි සහිතව නිපදවූ කොන්ඩම සංවේදීභාවය වැඩි කරනවා කියලයි කියන්නේ.

තවත් කොන්ඩම වර්ගයක් තියෙනවා පිරිමියාගේ සුරාන්තය පමා කරවන.මේ කොන්ඩමයේ ශිෂ්ණයේ කෙළවර සංවේදීභාවය අඩුකරවන බෙන්සොකේන් කියන රසායනිකය තවරලා තියෙනවා.ඒකෙන් ශුක්‍ර මෝචනය සැලකිය යුතු ලෙස පමා කරවනවා.

ඒ වගේම ශිෂ්ණයේ සෘජු භාවය වැඩි කරවන රසායනිකයක් අඩංගු කොන්ඩමයකුත් නිපදවලා තියෙනවා.ඒකනම් තවම ලංකාවේ නෑ මම හිතන්නේ.



කාන්තා කොන්ඩමය

මේක ලංකාවේ එච්චර ජනප්‍රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්‍ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.




මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්‍යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.




86 comments:

  1. ගොඩාක් වටිනවා අයියේ මේකනම්....

    ReplyDelete
    Replies
    1. අනිවා අපි දෙන්නේ වටින දේවල් තමයි.

      Delete
  2. හැ..කාන්තාවන්ගේ එකනම් ඇහුවේ අදයි..අහලා තිබුනේ පර්මනන්ට්ම තියන එකක් ගැන විතරයි..

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වා???පර්මනන්ට් තියෙන කොන්ඩම්???

      අනේ මමනං දන්නෑ එහෙම එකක්.මම හිතන්නේ ඔයා ඔය ලූප් එකක්ත් එක්ක පටලවං.ඒක 'බැරියර් මෙතඩ්' යටතට වැටෙන එකක් නෙමෙයි.

      Delete
    2. ආ ඔව් ඔව් ඒක තමයි..අනේ මන්දා මමත් මොනා කියනවද කියලා.

      Delete
  3. වැදගත් දෙයක්. මෙහෙම දැනුම ලබාදෙනවා ඇරෙන්න පොත් පත් වල තියන එකක්යැ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං.මම දැක්කා ස්වීඩන්වලද කොහෙද අවුරුදු 12-14 වයස්වල උන්ට හරියන විදිහට පුංචි කොන්ඩමුත් හදන්ඩ යනවලු.මොකද ඒ වයස්වල උන් ගැබ් ගැනීම් වැඩි වීම නිසා සහ ඒඩ්ස් හදා ගැනීම වැඩි වීම් නිසා.අපේ ඒ වයස්වල උන් තියා බඳින්ඩ යන උන්වත් හරියට මෙව්වා ගැණ දැනුවත් නෑනේ.හරිනං මේවා ඉස්කෝලේ ස/පෙ ට උගන්නන්ඩ ඕනේ.උගන්නලා විභාගෙටත් අහලා දැනුම පරීක්ෂා කරන්ඩත් ඕනේ.

      Delete
    2. uba hali mathan prasidda wedikawaka parikshaka waru dedenek yatathe prayogika parekshanayak tiyannna ona............adama president ta letter ekak yawanawa ow

      Delete
  4. ෆීමේල් කොන්ඩම් වලට වඩා මේල් කොන්ඩම් හොඳයි වගේ.
    එහෙන් මෙහෙන් දැනගත්ත විස්තර ටික හරි ආකාරයෙන්ම දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ෆීමේල් කොන්ඩම් පාවිච්චිය ටිකක් කරදරයි කියලා වැඩිය කට්ටිය පාවිච්චි කරන්ඩ කැමති නෑ.කොහොමත් ඉතිං මේල් ඒවා ඕනේ තැනක ගන්ඩත් තියෙනවනේ.

      Delete
    2. ගෑනු උන්දලා බය ඇති ෆීමේල් කොන්ඩම් දාලා 'කරනකොට' කොන්ඩමේ ඇඟ ඇතුලේ හිර වෙයි කියලා. අනික වලකට සිලි උරයක් දැම්මා වගේ නෙහ් :)

      Delete
  5. කොස්සකට දාලා හරි පුරුදු වෙන්න ඕනි දාන විදිය...

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අයියේ ඔය තියෙන මෙව්වා එකටම දාලා බලන්ඩ.මොකටද කොස්සට දාන්නේ.අහලා ඇතිනේ අර කතාව.

      ගමක උපත්පාලනය ගැන දේශනයක් තියලා ගමේ උන්දැලට කොන්ඩම් දාන හැටි කියලා දීලා කොන්ඩමුත් නොමිලේ බෙදලා දුන්නලු.ඒත් ටික කාලෙකිං හැම එකාම එනවලු බඩවල් උස්සං.පස්සේ හොයලා බැලින්නං ඔක්කොම උං කොන්ඩම් එක දේශනයේදි කියලා දීපු විදිහට කොස්සට දාලා තමයි වැඩේ කරලා තියෙන්නේ.ඒක හින්දා හරි විදිහටම කරලා බලන්ඩ.

      Delete
  6. මේ හැම එක්ම අපේ ෆාමසියේ තියෙන හන්දා මේ ගැන නම් ගොඩක් දේවල් දන්නවා.. අර කන්තාවෙන්ගේ එකත් තියෙනවා දැම්මා කියලා පේන නොපෙනෙන ටයිප් එකේ ඒවත්..

    ReplyDelete
    Replies
    1. අපේ රටේනම් ඒවා තියෙනවද දන්නෑ මචං.කොහොමත් අපේ කට්ටිය ෆීමේල් කොන්ඩම් ගැන එච්චර උනන්දුවක් නෑනේ.

      Delete
  7. වටිනා තොරතුරු ..මාතෘකාව වෙනස් කරන්න දිනුක..
    ඔතොකොට ගුගල් එන්ජිමට මේ ලිපිය හොයාගන්න
    පහසුයි..කව්රු හරි කෙනෙක් ගූගල් කරොත් ටක් ගාල
    නිවැරදි පොස්ටුව හොයාගන්න පුළුවන් ඔතොකොට ..

    ReplyDelete
    Replies
    1. ඒක ගැනනම් මාත් හිතුවා.ඒත් මචං කවුද සිංහලෙන් සර්ච් කරන්නේ? මොන මාතෘකාව දැම්මත් වැඩක් නැතිවෙයි කියලයි හිතුවේ.අනිකා දාන්ඩ වෙන්නේ එක්කෝ හෙන සම්භාව්‍ය මාතෘකාවක් නැත්තං කුණුහබ්බ මාතෘකාවක්.කෝකටත් මම පොඩි ජිංජිබිරිස් එකක් කරලා බලන්නංකෝ.ඉස්තූතියි අදහසට.

      Delete
    2. නෑ නෑ එහෙම කියන්න එපා. මම කරන්නෙ tech බ්ලොග් එකක්. එහෙම උනත් ඒකට මේ මාතෘකා හොයාගෙන කට්ටිය අවිල්ල තියෙනව. සිංහලෙන් හොයාගෙන..

      එහෙම එකේ මේ වගේ වැදගත් විදියට තියෙන එකකට එයාල ආවොත් දෙගොල්ලන්ටම ප්‍රයෝජනවත් වෙනවනේ,.

      Delete
    3. ඔව් ඒක ඇත්ත පෙට්ටියේ අධිපති....මමත් ආවෙ සින්හලෙන් සර්ච් කරල :D

      Delete
  8. ඔබ ගේ සටහන් ඇගයිය යුතුමයි මල්ලි. ලිංගික අධ්‍යාපනයක් හරියට ලබා නොදෙන එකේ ප්‍රතිඵල මේ වෙද්දි හැමෝටම දැනෙනවා. බොහෝ අයට ලිංගිකත්වය මැජික් වෙන්නේ ඒ ඒ අයට අවශ්‍ය දැනුම නොලැබීම නිසා කියලයි මා නම් හිතන්නේ.
    ලෝකයේ බොහෝ රටවල වැඩිම වියදමක් දරා මිලදී ගන්න ඕන කොන්ඩම් ලංකාවේ බොහෝම අඩු මිලකට ලබා දීලත් මිනිස්සු ඒවා භාවිතා නොකරන බවයි මා නම් දැනගත්තේ. ඊටත් වඩා නොදැනුවත්කම, ලැජ්ජාව හා සමාජයේ බලපෑම් වගේ දේවල් හින්දා කොයිතරම් ප්‍රශ්න වලට මුහුන දෙන අය ඉන්නවද?
    මට මතකයි එක්තරා සුපිරි වෙළද සංකීරණයක තිබ්බ ෆාමසි එකකින් මා පෞද්ගලිකවම මුහුන දීපු අත්දැකීම. ඒත් එදා මට හිනා ගියේ නෑ දුක හිතුනා මා ගැන නෙමෙයි ඒ මිනිස්සු ගැන. මේ තාක් මගේ බෑගයේ නොවරදිනම දෙයක් තියෙනවා නම් ඒ කොන්ඩම්ස්. ඕක තමන්ගේ බෑග් එකේ තියා ගන්න ලැජ්ජා වුනා වගේ නෙමෙයි ඊලඟ ප්‍රතිඵල ලැබෙනකොට....!!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අක්කේ.අපේ මිනිස්සු තවම මේ ගැන හරියට දැනුවත් නැතිකම තමා අවුල.අනවශ්‍ය ගැබ් ගැනීම්වල ගැටළු වගේම ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග ගැන හරි අවබෝධයක් තියෙනවානං ලැජ්ජාව පැත්තක දාලා මේවාට යොමුවෙනවා.

      Delete
  9. කියෙවුවා බොහොම වටින් ලිපි පෙලක්.. කනගා‍ටුවට හේතුව ගොඩක් අය කියවල් නැති එකයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.කට්ටිය කියවලා තියෙන්නේ.කොමෙන්ට් කරන්ඩ ලැජ්ජා වෙන එක තමයි අවුල.

      Delete
    2. කොමන්ට් ගැන හිතන්න එපා.. මේ වගේ එව්වට කොමන්ට් කරන්න ගොඩක් අය කැමති නෑ. post වලට වැටෙන pageviwerz ගැන පොඩ්ඩක් බලන්න.

      Delete
  10. Replies
    1. බොහොම ඉස්තූතියි සහෝදරයා.......

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මෙන්න කොන්ඩම් භාවිතාකරන පිළිවෙල ගැන මම ලියපු පොස්ට් එකක්, කැමති නම් කියවල බලන්න. අකමැති නම් එත් කියවල බලන්න.
    හලාල් සහ පවුල් සැලසුම්

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා.හෆොයි ෂල්ලි කියලා තමයි කියන්ඩ වෙන්නේ.

      Delete
  13. ayye shukranu yama pama karana beheth thiyenavada? evage names monada?

    ReplyDelete
    Replies
    1. එහෙම පමා කරවන බෙහෙත් තියෙනවා කියලා කියනවා.ඔය cupid කියලා පෙත්තක් කට්ටිය පාවිච්චි කරනවා.නමුත් එහෙම පෙති පාවිච්චි කරනවට වඩා බෙන්සොකේන් වගේ ද්‍රව්‍යයක් අඩංගු කොන්ඩමයක් පාවිච්චි කරන එක ලේසියි නේද?අතුරු ආබාද එන්නෙත් නෑනේ.ඔය ස්ටැමිනා කියලා කොන්ඩම් එකක් තියෙනවා.

      Delete
    2. Aiye wena monawada thiyana tablet

      Delete
  14. අයියා ! නූල කැඩෙනවා කියන්නේ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක සමාජයේ තියෙන මතයක් ඔය පිරිමි අය පළවෙනි පාරට ලිංගිකව එක් උනාම ශිෂ්ණයේ යට පැත්තේ තියෙන සම් පටියක් වගේ කොටස බිඳී යනවා කියලා.නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නෑ.

      Delete
  15. mata eka wesige puthek kiwwa nula kadune naththm, 18 wela kadunoth marenawa kiyala, okta hena gahanna ona
    thnkz yur article

    ReplyDelete
  16. aiya gawa tiyanawada danne nah sex gana liyapu parana pothak eka download karanna dala thibba fb eke sex group eke eke 2nd part eka hoyanawa thama hambune nah

    ReplyDelete
  17. Aiya shukranu gilunata prashnayakda,pragnat vanna ida tiyanawada

    ReplyDelete
  18. Ahama prashnayak nattan shukranu gillama mahath vanavada

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න දෙකටම එහෙම අවුලක් නෑ කියලා තමයි කියන්ඩ තියෙන්නේ

      Delete
    2. Shukranu gillama mahat vanavada

      Delete
  19. elane.mewat igenaganna ona deyakne.ganan widyawa wage newe.hamotama podu wishayakne meka

    ReplyDelete
  20. lip kiss වලින් සමාජ රෝග බෝවීමේ අවදානමක් තියනාද?

    ReplyDelete
    Replies
    1. සමහර ලෙඩ හර්පීස් වගේ ඒවා බෝ වෙන්න පුළුවන්.නමුත් ඒඩ්ස් වගේ ලෙඩ සිප ගැනීමකින් බෝ වෙන්න ඉඩ හරිම අඩුයි.

      Delete
  21. මට දැන ගන්න පුලුවන්ද කෙලින්ම ලිංගික එක් වීමක් නැතුව පිලිසිඳ ගැනීමක් වෙන්න පුලුවන් ක්‍රම ගැන?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඔය ගැන වෙදමැදුරේ වෙදමහත්තයා කාලෙකට කලින් ලියල තිබ්බා. ගැහැණු අය පිරිමින්ගේ ශුක්‍ර තරලය යම්තමින් හෝ ගෑවුණු සරමක් හරි ඇඳගෙන නාන්න එහෙම ගියොත් වගේ කතාවක් එක්ක.. පොඩ්ඩක් බලන්න..

      Delete
  22. Good job Dinuka. There are many other methods of contraception. I don't know if you've covered them or not in an earlier post, but such methods include the pill for females, diaphragm, IUD (intrauterine devices) , and sterilisation. It is also noteworthy to mention about the morning after pills.

    ReplyDelete
  23. Aiya shukranu yanne nathi wenda bona tablets monawada

    ReplyDelete
    Replies
    1. Ehema kattiya pawichchi karana ekak thamai wyagra kiyanne. E unath ewa paawichchi karana eka echchara honda nehe.mathakane wimal lokkage gedara seen eka. E nisaa bona beheth ganne nethuwa shukra mochanaya pamaa karana condom pawichchi karana eka wadaa hondai

      Delete
  24. shukranu gilunothin kumak sidu weda

    ReplyDelete
    Replies
    1. Kisiwak sidu nowe. Saamanya aaharayak men jeernaya wee awashoshanaya kara gano

      Delete
  25. Aids nathi kenek ekka unath condom nathuwa sex kaloth aids bowenna ida thynwd? Bood test ekak krala.

    ReplyDelete
    Replies
    1. HI virus Eka shariraye thiyena kemeththa AIDS nam rogee thathwaya ethi wenna kaalayak gatha wenna puluwan.namuth me kaalaya thuladeeth ea ayagen virus Eka thawa kenekuta no wenna Ida thiyenawa. Ema nisa 'awadhanamata Pera suudaanama" wedagath. Blood test kiyana ewa 100% niweradi nowiya hakiyi.

      Delete
  26. Machan shukranu pama karawana condom ekaka name ekak kiyapanko lankawe ona tanakin ganna puluwan ekak

    ReplyDelete
    Replies
    1. Stamina kiyala brand ekak thiyenawa. Thawa oya Durex brand eketh thiyenawa delay karana condom

      Delete
  27. Godak watina deyak saho.. mewa ithin kagenwath ahala danaganna kiyalaya.. sirawatama godak watinwa.. sinhalena me wge witstharayak dammata bohoma sthuthi. Godak watina deyak. Thanks.

    ReplyDelete
  28. Machan kelinma dathu pitawenda kalin....feelings awama pitawenneth dathumada...???

    ReplyDelete
    Replies
    1. Ow. Eie thiyena shukraanu pramaanayath ithaa ihalai

      Delete
  29. Ewa thiyeddi ek unoth gabganna puluwanda??

    ReplyDelete
  30. Agilla yoniya athulata daddi agille wadila thibboth shukranu enna kalin ena tharalaya gabganna puluwanda???

    ReplyDelete
  31. Shishnaya mukaya thulata ganimen gab ganimata hakiyawak thibeda?

    ReplyDelete
  32. kohomada deiyyane oowa illanne gihilla.eeka thama lokuma prashne ��

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි.බාර් එකකට ගිහිල්ලා බෝතලයක් ඉල්ලන්න පුළුවන්නං, ෆාමසියකට ගිහිල්ලා කොන්ඩම් එකක් ඉල්ලන එක ලොකු දෙයක් නෙමෙයි

      Delete
  33. Danata condom nathuwa lingika uththeganaya wadi karagnna hodama tablet eka mokadda? A wagema tablet eka aragena last moment ekedi pirimiyage dathu pita unama eken pregnant wenna puliwanda? Eke effect ekak nadda?

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රශ්නය එතරම් පැහැදිලි නැහැ. ලිංගික උත්තේජනය රඳා පවතින්නේ පුද්ගලයා ලිංගික ක්‍රියාව කෙරෙහි සහ සහකරු කෙරෙහි දක්වන කැමැත්ත සහ ආකල්ප මතයි.ලිංගික උත්තේජනය වැඩි කරන කොන්ඩම් හෝ පෙති නැහැ. පුරුෂයා භාවිතා කිරීමෙන් ගැබ් ගැනීම වැළැක්වීමට පෙති වර්ග නැහැ. ගැබ් ගැනීම වැළැක්වීමට නම් හෝමෝන පෙති භාවිතා කළයුත්තේ කාන්තාවයි.

      Delete
  34. Obata man kiyapude pahadili naha. Cupid ho max dura tablet aragena eka vimakadi dathu pita unama eken pregnant wena eka walakwanna baha neda? Ekai ahuwe. A wagema tablet walin wadi welwak delay karanawane ithin hoda tablet ekak gena ahuwe. Pregnant wena eka walakwanna awashayathawak naha.

    ReplyDelete
  35. Metha prahna dekai thiyenne brother terum aran answer denna

    ReplyDelete
    Replies
    1. Cupid kiyana brand name eken thiyenne Sildenafil kiyana tablet eka. Eken dhathu pitaweema pama karanne nehe. Eke kaarya wenne shishnaya riju weema wedi karana eka. Eka awashya wenne shishnaya riju weema adu ayata. Maxdura kiyanne nikan witamin ho Shaka saara adangu sandisudaa wage pethi jaathiyak.eka kochchara saarthakada kiyanna mama danne nehe.
      Oya Mona pethi gaththath dhaathu pita unoth pregnant wenawa.
      Delay karaganna awashyada nedda kiyala theeranaya karanna kalin den kochchara welawakinda dhathu pitawenne kiyala balanna one. Nil chithrapatawala penwanawa wage peya bhagayal peyak dhathu pita noweema saamaanya nehe. Saamanyayen winadi 2k 7k thamai gathawana kaalaya. Kohoma unath hanika mochanaya thathwayata aushadha prathikaara walata kalin lingika chikithsaa prathikaara sandhaha you weema wedagath

      Delete
  36. Ela supiri mrs dinuka obage pahadili kirima gdak watinwa

    ReplyDelete
  37. Mrs dinuka last question. Delay walata hoda tablet ekak. Thats all.

    ReplyDelete
    Replies
    1. First of all it's Mr.Dinuka
      Delay karanna kiyala thiyena tablet walin loku effect ekak nehe. Eken psychological effect ekak thamai enne. EA sandaha awashyawenne sex therapy kiyana prathikaara kramayai.

      Delete
  38. Obe ikmn prathicharaya hodai.. but hari answer eka denne naththe ai? Prathikara awashyanaha mrs. Delay karana tablet name ekak kiyanna. My last msg. Thank u mrs dinuka

    ReplyDelete
  39. ඔබ ඔබට ලිංගික ගැටළුවක් ඇති බවත් ඒ සඳහා "පෙත්තක්" භාවිතා කළ යුතු බවත් යන මතයේ දැඩි ලෙස එල්බගෙන ඇති බව පෙනේ. මේ සාමාන්‍ය ශ්‍රී ලාංකික මානසිකත්වයයි. පළමුව ඔබගේ ලිංගික ඉතිහාසය එනම් ඔබගේ සහකරුවන්/ සහකාරියන් ගණන, සතියකට කී වතාවක් ලිංගික කාර්යයේ යෙදෙන්නේද?, ඒ අතර ස්වයං වින්දනයේ යෙදෙනවාද?, සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවේදී යෝනි හෝ ගුද රමණයේදී ධාතු පිටවීමට කොපමණ කාලයක් ගතවේද?, ස්වයංවින්දනයේ යෙදෙන විට ධාතු පිටවීමට කොපමණ කාලයක් ගතවේද යන්න සඳහන් කොට ඊමේලයක් හෝ පහත කොමෙන්ටුවක් ලෙස සඳහන් කරන්න.
    dinukajayakodi@gmail.com

    ReplyDelete
  40. Hahaa ehema gataluwak na mrs. Fotget it. I have new question

    ReplyDelete
  41. Sukranu peweemen mokuth wenne ndda?.pahadili krnna pupuluwanda e gana.

    ReplyDelete
    Replies
    1. ඔබ කලින් ලිපියක අසා ඇති මේ හා සමාන ගැටළුවට දැමූ පිළිතුරම මෙයටත් පල කරන්නම්.

      ශුක්‍ර තරලය ගිලීමෙන් කිසිඳු වෙනසක් සිදුවෙන්නේ නෑ. ශුක්‍ර තරලයේ සහ ශුක්‍රාණුවල ඇති ප්‍රෝටීන සහ අනෙකුත් සංඝටක ආහාර මාර්ගයේදී ජීර්ණය වී පෝෂ්‍ය ද්‍රව්‍යලෙස ශරීරයට අවශෝෂණය වෙනවා. නමුත් පුරුෂයාට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් තිබේනම් එය ස්ත්‍රියට බෝවීමේ අවධානමක් තියෙනවා. නැතුව ගැබ් ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මුඛ ලිංගික ක්‍රියාව අතරතුර වෙනත් ක්‍රමයකන් එනම් අතේ තැවරීමෙන් ශුක්‍ර තරලය යෝනි මාර්ගයේ හෝ අවට තැවරීම මගින් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔසප්වීම සිද්ද වෙන්නේ නැත්නම් ගැබ් ගැනීමක් සඳහා මුත්‍ර පරීක්ෂණයක් කර ගැනීම වැදගත්.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...